ආනන්ද විද්‍යාලයේ ආනන්දාභිමානී සම්මානය දිනූ ප්‍රවීණ මහාචාර්ය නායක ස්වාමීන් වහන්සේට ගෞරව දැක්වීම

ආනන්ද විද්‍යාලයේ ආනන්දාභිමානී සම්මානය දිනූ ප්‍රවීණ මහාචාර්ය නායක ස්වාමීන් වහන්සේට ගෞරව දැක්වීම
ආනන්ද විද්‍යාලයේ ආනන්දාභිමානී සම්මානය දිනූ ප්‍රවීණ මහාචාර්ය නායක ස්වාමීන් වහන්සේට ගෞරව දැක්වීම

ගල්කිස්ස වටරප්පල පාරේ බෞද්ධ ආයතනාධිපති ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති සහ කොළඹ නව කෝරළ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සී නායක ස්වාමීන් වහන්සේට "ආනන්දාභිමානී සම්මානය" පිරිනැමීම 2025 ජනවාරි 06 වැනි දින ආනන්ද විද්‍යාලයේ කුරරත්න ශාලාවේදී, උන්වහන්සේගේ අඛණ්ඩ ලෝක සාසනික සේවාව හා අධ්‍යාපනික-සංස්කෘතික සමාජ සේවාව අගය කරමින් මෙම සුවිශේෂී ගෞරවය පිරිනැමිනි.

මෙම අවස්ථාව සඳහා ප්‍රමුඛ නායක ස්වාමීන් වහන්සේලා, ආදී ආනන්දීයන්, සහ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් රැසක් සහභාගී වුහ. ප්‍රධාන ගිහි දෙසුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යශන්ත කෝදාගොඩ මහතා විසින් පැවැත්විය.

විදුහල්පති ඩී. එම්. එල්. පී. දිසානායක මහතාගේ සංකල්පයක් පදනම්ව, ආනන්ද විද්‍යාල කළමනාකරණ මණ්ඩලයේ අනුමැතියෙන් සමාජයට විශේෂාංග සේවාවක් කළ චරිතයන් සඳහා මෙම සම්මානය පිරිනමනු ලබයි.