26වෙනි ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයේ විශිෂ්ඨ ජයග්‍රහණ රැසක් ආනන්දීයන්ට

26වෙනි ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයේ විශිෂ්ඨ ජයග්‍රහණ රැසක් ආනන්දීයන්ට
26වෙනි ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයේ විශිෂ්ඨ ජයග්‍රහණ රැසක් ආනන්දීයන්ට

ජූලි මස 21 වැනි දා සිට 26 වැනි දා දක්වා මුරුසි රාජ්‍යයේදී පැවති ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයේදී රටවල් රැසක් නියෝජනය කරමින් සහභාගි වී සිටි කණ්ඩායම් හතළිහකට අධික සංඛ්‍යාවක් සමඟ තරග වැදී විශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට ආනන්දය නියෝජනය කළ කණ්ඩායම සමත් වී ඇත. ඔවුන් ලත් ජයග්‍රහණ මෙසේ ය

  • සිද්ධි අධ්‍යයන ඉදිරිපත් කිරීම් අංශයේ ප්‍රථම ස්ථානය ලෙස ඵෙතිහාසික ඉෂිකාවා සම්මානය
  • වඩාත් ම විනයානුකූල කණ්ඩායම සඳහා වන සම්මානය
  • මුලු තරගාවලියේ ම සියලු පාසල් අතර දෙවන ස්ථානය
  • කථික තරග අංශයේ තෙවන ස්ථානය
  • පෝස්ටර් සහ තේමා පාඨය තරගයේ තෙවන ස්ථානය
  • ජ්‍යේෂ්ඨ ගණිත තරග අංශයෙහි විශේෂ ස්ථානය
  • විවාද තරගාවලියේ විශේෂ ස්ථානය
  • කවි සම්මේලන තරගයෙහි අතිවිශිෂ්ට ස්ථානයක්
  • සංස්කෘතික රංගන අංශයෙහි සුවිශේෂී ස්ථානය