ජාත්‍යන්තර ජිම්නාස්ටික් සංගමය මගින් සංවිධානය කරන ලද ඉහත තරගාවලිය ජූලි මස 22 වන දා සිට 26 වන දා දක්වා පෘතුගාලයේ ලිස්බන් නගරයේදී පැවැත්විණි ලොව පුරා විසිරී සිටින ක්‍රීඩක ක්‍රිඩිකාවන් හාරදහසකට ආසන්න ප්‍රමාණයක් සහභාගි වූ මෙම තරගාවලිය වසර හතරකට වතාවක් පවත්වන ජිම් නාස්තිය ක්‍රීඩාවේ විශාලතම තරගාවලිය වෙයි. මෙවර එම තරගාවලියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාතික බාලක කණ්ඩායමට ආනන්දියන් නව දෙනෙකුට සහභාගි වීමට අවස්ථාව සැලසිණි. ඔවුන් එහිදී large group Acrobatic තරග ඉසව්ව යටතේ රටවල් 27ක් සමග තරග වැදී ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් වූ බව සතුටින් දැනුම් දෙමු.
5th World Gym for life challenge 2025 තරගාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
Share this article: