කොළඹ ආනන්ද විද්‍යාලයේ බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක සහකාර විදුහල්පති ශාස්ත්‍රපති ඕනෑගම උපාලි ස්වාමීන් වහන්සේගේ ජාතික ආගමික සේවාව අගය කරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව මගින් උන්වහන්සේට පොළොන්නරු මහා දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමුණු අතර, අභිනව නාහිමිපාණන් වහන්සේ පිළිගැනීම සඳහා විශේෂ ආගමික උත්සවයක් සැප්තැම්බර් මස 21 වෙනි දින පස්වරුවේ ආනන්ද විද්‍යාලයේ දී පැවැත්විණි.
විදුහල්පති ඩී.එම්.එල්.පී. දිසානායක මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කළ මෙම ආගමික උත්සව සභාවේ මූලාසනය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අතිපූජ්‍ය අනුනායක ජේෂ්ඨ මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමිපාණන් වහන්සේ හෙබ වූ අතර එම අවස්ථාවට මහා නායක හා සානුනායක මාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ප්‍රමුඛ ගිහි සම්භාවනීය සුපින්වතුන් රැසක් ද සහභාගිවී සිටියහ. අභිනව නාහිමිපාණන් වහන්සේට අක්ත පත්‍රය පිළිගැන්වීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් සිදු කරන ලද අතර විජිනිපත පිළිගැන්වීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලදී.
Ananda College Shooters Dominate at 8th Navy Open Shooting Championship 2024
March 24, 2024
Strengthening Badminton at Ananda College Through Generous Support
June 26, 2025
RANAVIRU UPAHARA - 2025
May 20, 2025
26වෙනි ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයේ විශිෂ්ඨ ජයග්‍රහණ රැසක් ආනන්දීයන්ට
July 29, 2025
Ananda College Shines at Western Province Table Tennis Championship 2024
July 21, 2024
Ananda College Lifesaving Team Joins 2025 Poson Pilgrimage Safety Mission in Anuradhapura
June 11, 2025
Another Fruitful Beginning Towards Nurturing Little Anandians
June 25, 2025
Ananda College Celebrates Unprecedented Success in 2023 G.C.E. Advanced Level Examination
June 4, 2024
Ananda College Colors Nite 2023: Celebrating Sporting Excellence
November 20, 2024
ආනන්ද විද්‍යාලයේ ආනන්දාභිමානී සම්මානය දිනූ ප්‍රවීණ මහාචාර්ය නායක ස්වාමීන් වහන්සේට ගෞරව දැක්වීම
January 6, 2025