පොළොන්නරු මහා දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පූජ්‍ය ඕනෑගම උපාලි නාහිමි පිදුම් ලබයි.

පොළොන්නරු මහා දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පූජ්‍ය ඕනෑගම උපාලි නාහිමි පිදුම් ලබයි.
පොළොන්නරු මහා දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පූජ්‍ය ඕනෑගම උපාලි නාහිමි පිදුම් ලබයි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක සහකාර විදුහල්පති ශාස්ත්‍රපති ඕනෑගම උපාලි ස්වාමීන් වහන්සේගේ ජාතික ආගමික සේවාව අගය කරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව මගින් උන්වහන්සේට පොළොන්නරු මහා දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමුණු අතර, අභිනව නාහිමිපාණන් වහන්සේ පිළිගැනීම සඳහා විශේෂ ආගමික උත්සවයක් සැප්තැම්බර් මස 21 වෙනි දින පස්වරුවේ ආනන්ද විද්‍යාලයේ දී පැවැත්විණි.

විදුහල්පති ඩී.එම්.එල්.පී. දිසානායක මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කළ මෙම ආගමික උත්සව සභාවේ මූලාසනය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අතිපූජ්‍ය අනුනායක ජේෂ්ඨ මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමිපාණන් වහන්සේ හෙබ වූ අතර එම අවස්ථාවට මහා නායක හා සානුනායක මාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ප්‍රමුඛ ගිහි සම්භාවනීය සුපින්වතුන් රැසක් ද සහභාගිවී සිටියහ. අභිනව නාහිමිපාණන් වහන්සේට අක්ත පත්‍රය පිළිගැන්වීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් සිදු කරන ලද අතර විජිනිපත පිළිගැන්වීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලදී.